samkathana-title1

OSense O-Sense

ටැම්පිට විහාර ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය
උඩරට කලාවේ සිතුවම් පිළිබඳව උනන්දුවක් දක්වන චිත්‍ර ශිල්පීන් සහ ශිෂ්‍ය ශිෂ්‍යයින් වෙත කෙරෙන ආරාධනයයි.
විශ්ව විද්‍යාලයේ සංකථන පර්යේෂණ කේන්ද්‍රය සහ අධ්‍යපන අමාත්‍යාංශය එක්ව ටැම්පිට විහාර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට යෝජිතය. ඔබ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් මෙහි සඳහන් දුරකථන අංකයට ඔබගේ නම සහ ලිපිනය ඇතුලත් කෙටි පණිවිඩයක් එවීමෙන් ලියාපදිංචි විය හැක. 
මෙම මස 15 වැනි දින පස්වරු 1.30ට කැළණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ දී පුරා විද්‍යා දෙපාර්ථමේන්තුව මඟින් මෙහෙයවනු ලබන පුහුණුවීම් වැඩමුළුව සඳහා අනිවාර්යයයෙන්ම සහභාගී විය යුතුය. 
පනස් දෙනෙකු පමණක් බඳවා ගන්නා මෙම වැඩමුළුවට ඔබත් අදම ලියාපදිංචි වන්න. 
චිත්‍ර නිර්මාණය කිරීමේ කාර්යය සඳහා ඔබ තෝරාගනු ලැබුවහොත් එයට අදාළ ගෙවීමක්ද සිදුකිරීමට බලාපොරොත්තු වේ.

 

අධ්‍යක්ෂක
සංකථන පර්යේෂණ කේන්ද්‍රය හා සංරක්ෂණාගාරය
මානව ශාස්ත්‍ර පීඨය
කැළණිය විශ්ව විද්‍යාලය
කැළණිය

නිසංසලා - 0713967411

 

කැලණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ (HETC ව්‍යාපෘතිය) සංකථන පර්යේෂණ කේන්ද්‍රය සහ සංරක්ෂණාගාරය මගින්
කලා ඉතිහාසය හා උරුම අධ්‍යයන පර්යේෂණ වපසරිය පුළුල් කරමින්
ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණ කලාවේ උඩරට අනන්‍යතාවය වූ
ටැම්පිට විහාර
සමාජ මානව විද්‍යානුකූල විවරණයකට ලක් කරමින්
සම්පාදනය කරන ලද
‘බෞද්ධ විහාරාංග සම්ප්‍රදායේ උඩරට කලාගාරය’
‘ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර’
ඉතිහාසය, සම්ප්‍රදාය හා විකාශය
නම් වූ පර්යේෂණ ග්‍රන්ථය ජනගත කිරීමේ නිළ උළෙල
ත්‍රෛනිකායික මහා සංඝරත්නය මූලාසනයෙහි වඩා හිඳුවමින්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති
මහාචාර්ය D.M. සේමසිංහ මහතාගේ සහභාගිත්වයෙන්
වර්ෂ 2017ක් වූ සැප්තැම්බර් මස 27වන දින
පැවැත්විමට නියමිතයි.

007-1