samkathana-title1

OSense O-Sense

ටැම්පිට විහාර ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය
උඩරට කලාවේ සිතුවම් පිළිබඳව උනන්දුවක් දක්වන චිත්‍ර ශිල්පීන් සහ ශිෂ්‍ය ශිෂ්‍යයින් වෙත කෙරෙන ආරාධනයයි.
විශ්ව විද්‍යාලයේ සංකථන පර්යේෂණ කේන්ද්‍රය සහ අධ්‍යපන අමාත්‍යාංශය එක්ව ටැම්පිට විහාර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට යෝජිතය. ඔබ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් මෙහි සඳහන් දුරකථන අංකයට ඔබගේ නම සහ ලිපිනය ඇතුලත් කෙටි පණිවිඩයක් එවීමෙන් ලියාපදිංචි විය හැක. 
මෙම මස 15 වැනි දින පස්වරු 1.30ට කැළණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ දී පුරා විද්‍යා දෙපාර්ථමේන්තුව මඟින් මෙහෙයවනු ලබන පුහුණුවීම් වැඩමුළුව සඳහා අනිවාර්යයයෙන්ම සහභාගී විය යුතුය. 
පනස් දෙනෙකු පමණක් බඳවා ගන්නා මෙම වැඩමුළුවට ඔබත් අදම ලියාපදිංචි වන්න. 
චිත්‍ර නිර්මාණය කිරීමේ කාර්යය සඳහා ඔබ තෝරාගනු ලැබුවහොත් එයට අදාළ ගෙවීමක්ද සිදුකිරීමට බලාපොරොත්තු වේ.

 

අධ්‍යක්ෂක
සංකථන පර්යේෂණ කේන්ද්‍රය හා සංරක්ෂණාගාරය
මානව ශාස්ත්‍ර පීඨය
කැළණිය විශ්ව විද්‍යාලය
කැළණිය

නිසංසලා - 0713967411